Latest News

මිහින්තලේ ළමුන් පිරිසක් ඖෂධ ආසාත්මිකතාවකට ලක්වීම සම්බන්ධයෙන් විමර්ශන

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිහින්තලේ රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණි ළමුන් පිරිසක් ඖෂධ ආසාත්මිකතාවකට ලක්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මිහින්තලේ රෝහලේ දී ඖෂධ ආසාත්මිකතාවකට ලක්වූ ළමුන් 12 දෙනෙකු ඊයේ (14) අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා.

වමනය සහ බඩේ කැක්කුම වැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේදී ලබාදුන් ඖෂධ වර්ග 2ක් හේතුවෙන් මෙම ආසාත්මිකතාව හටගෙන තිබූ බව සඳහන්.

අනුරාධපුර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය දිලිප්. එච්. ලියනගේ මහතා මාධ්‍ය හමුවක් පවත්වා කියාසිටියේ, අවුරුදු 5 – 11ත් අතර දරුවන් කිහිපදෙනෙකු මෙම රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කළ බවයි.

එම දරුවන් සියලුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද පැවසු වෛද්‍ය ලියනගේ මහතා ඔවුන්ව පැය 24ක කාලයක් රෝහලේ රඳවා ගනිමින් රෝගී තත්ත්වය නිරීක්ෂණය කළ බවත් කිසිඳු දරුවෙකුට බලපතළ තත්ත්වයක් නොමැති බවත් කියා සිටියා.

යම් ඖෂධයකින් මෙය සිදුව ඇතැයි සැක පළ කළත් මේ වනවිට එම අදාළ ඖෂධය ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර, මෙවැනි ආසාත්මිකතාවයක් වෙනත් කිසිඳු රෝහලකින් වාර්තා වී නොමැති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

පරිසයේ ඇති වූ යම් වෙනස් වීමක් මත මෙවැනි ආසාත්මිකතාවයක් ඇති වූවාදැයි සැක කරන අතර අදාළ ඖෂධය නිකුත් කිරීම මේ වනවිට නවත්වා ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතැමුන් වැක්සින් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වන බවත් පැවසූ වෛද්‍යවරයා, කිසිඳු පුද්ගලයෙක් අනියත බියක් ඇති කරගත යුතු නොමැති අතර, දරුවන්ට වැක්සින් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියා.

World News