Latest News

ඉරාන වැසියන් පස්වැනි දිනයටත් පාරට බසියි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අද (01) පස්වැනි දිනටත් පැවැත්වේ.

ඊයේ විරෝධතාකරුවන් දකුණු ඉරානයේ පළාත් පාලන ගොඩනැගිල්ලකටද ඇතුළු වීමට උත්සාහ කළ බවය.

මේ විරෝධතා පැවැත්වෙන්නේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරානයේ රියාල් මුදල් ඒකකය දරුණු ලෙස අවප්‍රමාණය වීමට විරෝධය පළ කරමින්ය.

පසුගිය ඉරිදා, ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙළඳුන් සිය ව්‍යාපාර ආයතන වසා දමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වලට විරෝධය පළකරමින් වීදී වලට රැස්වූ අතර පසුව එය රටපුරා ව්‍යාප්ත වුණි.

මාස හයක් තුළ ඉරානයේ රියාල් එකක වටිනාකම 56%කින් පහළ ගොස් තිබේ.

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දෙසැම්බර් මාසයේදී එරට භාණ්ඩ හා සේවා වල මිල ගණන් 72%කින් ඉහළ ගොස් ඇති බවත් විදෙස් වාර්තා වල සඳහන් වේ.

අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල, රියාල් මිලියන 1යි දශම 4ක්.

මේ තත්ත්වය මත පෙරේදා එරට මහ බැංකු අධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වුණි.

ඉරානයේ ආගමික අන්තවාදී පාලන තන්ත්‍රය හේතුවෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් පනවා ඇති දැඩි සම්බාධක ඉරාන ආර්ථිකයට දරුණු බලපෑම් එල්ල කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනු ලබයි.

World News

Send your contact Details Today