Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව චන්දික හතුරුසිංහ යළි නඩු පවරයි

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළි නඩු පවරා තිබේ.

ඒ, ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදීයි.

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළි පත් කිරීම සඳහා සැරසෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය හමුවේ එවකට ප්‍රමෝද්‍යගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉවත් කරමින් උපුල් තරංගගේ සභාපතිත්වයෙන් තේරීම් කමිටුවක් පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ ධුර කාලය මෙම වසරේ දෙසැම්බර් මසයෙන් අවසන් වීමට නියමිත අතර, ඒ අනුව නව තේරීම් කමිටුව සඳහා නම් පහක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

ඒ අනුව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස නම් කිරීමට සැලසුම් කර තිබෙන අතර, සෙසු සාමාජිකයින් ලෙස නම් කර ඇත්තේ විනෝදන් ජෝන්,හේමන්ත වික්‍රමරත්න,ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතානයි.

කෙසේ වෙතත් අදාළ පත් කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර නොමැත.

World News

Send your contact Details Today