Latest News

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – දෙදෙනෙකු ජිවිතක්ෂයට

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් වාර්තාවූ පුද්ගල මරණ දෙකකට අමතරව තවත් පුද්ගලයින් 08 දෙනෙකුද තුවාල ලැබුවේය.

එරට පොලීසිය ඉල්ලා සිටියේ, වෙඩි තැබීමෙන් වෙඩික්කරු පසු පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසයි.

කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

World News

Send your contact Details Today