ජපානයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය රික්ටර් මාපකයේ 7.6ක අගයකින් යුත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.
ජපානයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
භූමිකම්පාවේ අපි කේන්ද්‍රය අමෝරි ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80ක් ඔබ්බෙන්, කිලෝමීටර 50ක් ගැඹුරින් සිදු වූ බවයි වාර්තා වන්නේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් තුනක් උස සුනාමි රළ ඇති විය හැකි බවයි.