Latest News

දකුණු සහ අග්නිදිග ආසියාවේ ස්වභාවික ආපදා විපත්වලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පාප් වහන්සේ යාඥා කරයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු සහ අග්නිදිග ආසියාවේ ස්වභාවික ආපදා විපත්වලින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාව වෙනුවෙන් XIV වන ලියෝ පාප් වහන්සේ යාඥා කර තිබේ.

මෑත සති කිහිපය තුළ අග්නිදිග ආසියාවේ විවිධ ප්‍රදේශවල ඇති වූ අධික ගංවතුරෙන් පීඩාවට පත් මිලියන සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් XIV වන ලියෝ පාප් වහන්සේ සිය සමීපත්වය ප්‍රකාශ කරමින් යාච්ඤාවන් ඉරිදා දිනයේ දී සිදු කර තිබේ.

“මෑත කාලීන ස්වභාවික විපත්වලින් දැඩි ලෙස පීඩාවට පත් දකුණු සහ අග්නිදිග ආසියාවේ ජනතාවට මගේ සමීපත්වය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. විපතට පත් වූවන් වෙනුවෙන්, ඔවුන්ගේ වියෝවෙන් ශෝක වන පවුල් වෙනුවෙන් සහ ආධාර සපයන අය වෙනුවෙන් මම යාඥා කරමි. එම කලාපවල අපගේ සහෝදර සහෝදරියන්ට සහයෝගීතාවයේ අභිනයන් සමඟ සහයෝගය දක්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට සහ සියලු හොඳ හිත ඇති ජනතාවට මම උනන්දු කරමි.” යනුවෙන් උන්වහන්සේ සඳහන් කර ඇතැයි වතිකාන් නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

එසේම මෙම යාච්ඤාවේදී කතා කරමින් පාප් වහන්සේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ මානුෂීය ආධාර තුළින් සහයෝගීතාවයේ සංයුක්ත සලකුණු පෙන්වන ලෙසයි.

World News

Send your contact Details Today