Latest News

පැරිසියේ ලූවර් කෞතුකාගාරයට තවත් නොසිතූ කරදරයක් – කෞතුක භාණ්ඩවලටත් හානි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එහි තිබූ කෘති විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.

කෞතුකාගාරයේ නියෝජ්‍ය පරිපාලක ෆ්‍රැන්සිස් ස්ටයින්බොක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කෞතුකාගාරයේ කෘති 300 වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර හානි වූ කෘති සම්බන්ධයෙන් අඛණ්ඩව ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බවයි.

මෙම ජල කාන්දුවට හේතුවූ ගැටළුව වසර ගණනාවක් පුරා තමන් දැන සිටි බවත් මෙහි අලුත්වැඩියා කටයුතු එළැඹෙන වසරේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු මාධ්‍යට පවසා තිබේ.

කෙසේ නමුත් එම අලුත්වැඩියා කිරීම් කටයුතු සිදු කිරීමට පෙරම ජල කාන්දුව සිදුවීමෙන් කෞතුකාගාරයේ කෘති රැසකට හානි සිදුව ඇත.

World News

Send your contact Details Today