Latest News

පිරිමි දෙදෙනකුගේ අසම්මතය ගැන ලියූ කාන්තාව

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රූප­වා­හිනී ප්‍රේක්ෂ­ක­යන් අතර ආන්දෝ­ල­නා­ත්මක කතා­බ­හ­කට ලක්වූ ‘වීදුරු තිර’ පසු­ගිය දා විකා­ශය අව­සන් කෙරුණා.

ලාංකේය සමාජ, සංස්කෘ­තික රාමුව තුළ කතා­කි­රී­මට මැළි­වන තේමා­වක් වූ සම­රිසි සබ­ඳ­තාව තේමා කර­ගත් තිර රච­නයේ අභි­යෝ­ගය නොබි­යව භාර­ගත් පිට­පත් රචිකා ගයනි අසිං­සලා පිය­දි­ගම සිය නිර්මාණ කලා දිවිය ගැන කතා කිරී­මට මෙසේ එක්වුණා.

පසු­ගිය දා විකා­ශය අව­සන් වූ ‘වීදුරු තිර’ රචනා කිරී­මට යොමුවූ අයුරු කීවොත්?
මගේ ටෙලි­නාට්‍ය නිර්මාණ දිවියේ සමී­ප­තම යෙහෙ­ළි­යක් තමයි ශලනි තාරකා . අපි දෙන්නා මීට පෙරත් සාකච්ඡා කර ටෙලි­නාට්‍ය රැසක්ම ගොඩ­නැ­ගුවා. ‘වීදුරු තිර’ කතා සංක­ල්පය ශල­නිගේ . ඇය මට මෙහි තිර රච­නය ලියන්න ආරා­ධනා කළා .

ප්‍රේක්ෂ­ක­යාට ආග­න්තුක වූ මෙවැනි මාතෘ­කා­වක් කතා කිරීම අභි­යෝ­ග­යක් වුණේ නැද්ද?
මගේ සෑම නිර්මා­ණ­ය­ක­ටම තේමා වුණේ අපට එදි­නෙදා හමු­වන චරිත . සමා­ජයේ සැඟ­වුණු සම­හර සිද්ධීන් අපි කතා කරන්නේ හරිම අඩු­වෙන්. ඒ සිද්ධීන් හැම­තැ­නම පේන්න තිබු­ණත් අපි නොපෙ­නුණා වගේ ඉන්නවා. මම විශ්වාස කරන්නේ කලා­වෙන් කරන්න ඕනේ මහ පොළොවේ අපට හමු­වන, ගැටෙන චරිත දිහා බලලා ඔවුන් පිළි­බඳ නිර්මාණ කිරීම කිය­ලයි. මෙතැ­නදී අභි­යෝ­ගය වුණේ ලිවී­මට පෙර හොඳ හැදෑ­රී­මක් කිරී­මට අවශ්‍ය වීමයි.

ටෙලි­නා­ට්‍ය­යෙන් කතා කළ සම­රිසි ආද­රය ප්‍රේක්ෂ­කයා කෙසේ වැල­ඳ­ග­නීවි කියා සිතු­වද?
මේ දේවල් සමා­ජයේ ඕන­ත­රම් දකින්න ලැබු­ණත් ලංකාවේ සංස්කෘ­තික පසු­බිම එක්ක ප්‍රසි­ද්ධියේ පිළි­ගන්න අකැ­මැති බහු­ත­ර­යක් දෙනා ඉන්නවා. ඒත් මේ දේවල් සුල­බයි. විවේ­චන එල්ල වෙන්න පුළු­වන් කියා දැන­ගෙ­න­මයි නිර්මා­ණ­යට අත­ගැ­හුවේ.

මෙවැනි මනෝ­මූ­ලික විෂ­ය­යක් කතා කිරී­මේදී මනෝ උප­දෙස් පවා ගන්න ඇති?
ඔව්, විශේ­ෂ­යෙන් මතක් කරන්න ඕනේ මනෝ චිකි­ත්සක බුද්ධිකා ජය­සිංහ මහ­ත්මිය. මේ කතා සංක­ල්පය ගොඩ­න­ඟද්දී අපේ අත්දැ­කීම් සමඟ ඇගේ අත්දැ­කීම් බෙදා­ගෙන මේ සමාජ ස්ථර­යන්, මේ චරිත හැසි­රෙන ආකා­රය ගැන හොඳ අව­බෝ­ධ­යක් අපට දුන්නා .

අධ්‍ය­ක්ෂ­ව­ර­යා­ගෙ­නුත් හොඳ සහා­යක් ලැබෙන්න ඇති?
ඔව්. මායි ශල­නියි දර්ශ­න­යෙන් දර්ශ­නය සාකච්ඡා කළා. ඊට­පස්සේ අධ්‍යක්ෂ ශාන් මල්ලිත් අපට එක්වුණා. අපි තුන්දෙනා වට්ස්ඇප් සමූ­හ­යක් හදා­ගෙන ලිය­මින්, නැවත කපා­කොටා සක­ස­මින් අව­සන් පිට­පත දක්වා සක­සන්න හැකි­වුණා. කාන්තා­වන් දෙදෙ­නෙක් එක­තුවී පිරිමි අය ගැන ලියන දේවල් නිවැ­රදි කරන්න ශාන් මල්ලි අපට උදව් කළා.

ඔබේ තිර රචනා කලාවේ ආර­ම්භය ගැන සිහි­ක­ළොත්?
මම තිර රචනා කලා­වට යොමුවී දැනට වසර 3යි. මේ කාලය තුළ විකා­ශය වූ ටෙලි­නාට්‍ය 8කට මගේ රචනා පාදක වුණා. ඉදි­රි­යේදී විකා­ශ­යට නිය­මිත නිර්මාණ කිහි­ප­ය­කුත් තිබෙ­නවා. මුලින්ම මම තිර රචනා ලිවීම ආරම්භ කළේ ‘චලෝ’ ටෙලි­නා­ට්‍ය­යෙන්. පසුව ‘මීනු, විදූ, See you, හිච්චි, අහස්, ප්‍රේම රස්ති­යා­දුව, මාව මත­කද’ වැනි ටෙලි­නාට්‍ය රචනා කළා.

පාසල් සම­යේත් ලේඛ­න­යට යොමුවී සිටි­යද?
ලේඛ­න­යට මම යොමු­වුණේ පුංචිම අව­ධියේ සිටයි. ඒ කෙටි­කතා , නව­කතා ක්ෂේත්‍ර­යෙන්. නව­කතා , කෙටි­කතා 15කට ආසන්න ප්‍රමා­ණ­යක් ලියා මුද්‍ර­ණය කර එළි­දක්වා තිබෙ­නවා .

තිර රචනා කලාව අධ්‍ය­ය­න­යේදී ගුරු­කො­ට­ගත් පිරි­ස­කුත් ඇති?
අපේ රටේ තිර රචනා කලාව අධ්‍ය­ය­න­යට අව­ස්ථාව ලැබෙන්නේ හරිම අඩු­වෙන් . මට හිතෙන්නේ මම ලිවී­මෙන්ම තමයි ඉගෙ­න­ගත්තේ. විශ්ව­වි­ද්‍යාල අධ්‍ය­ය­න­යෙන් හැර තිර රච­නය සම්බන්ධ ස්වයං අධ්‍ය­ය­නය තමයි වැද­ගත් වුණේ. මුල් තිර රච­නා­ව­ලදී හමුවූ අධ්‍ය­ක්ෂ­ව­රුන් වන හසුන් සමීර, ඉරේෂ් ලොකු­බ­ණ්ඩාර වැනි අය විශාල ගුරු­හ­රු­කම් ලබා­දුන්නා. මම හිතන්නේ මට තිබෙන්නේ මටම අනන්‍ය වූ ලේඛන ශෛලි­යක් කියලා .

සිනමා තිර රච­න­යට යොමු­වුණේ නැද්ද?
මේ වෙද්දී සිනමා තිර රචනා 3කට දායක වුණා. මගේ නව­ක­තා­වක් ඇසු­රින් නිර්මා­ණය වෙමින් තිබෙන සිනමා පට­යක් පිළි­බඳ විශාල බලා­පො­රො­ත්තු­වක් තිබෙ­නවා .

ඔබ වෘත්ති­යෙන් ගුරු­ව­රි­යක් නේද?
ඔව්. මම වෘත්ති­යෙන් සන්නි­වේ­ද­නය හා මාධ්‍ය අධ්‍ය­ය­නය උග­න්වන ගුරු­ව­රි­යක්. සේවය කරන්නේ බිබිල, නන්න­පු­රාවට විද්‍යා­ලයේ . මා උග­න්වන විෂ­යය මගේ නිර්මාණ දිවි­යට සම්බන්ධ නිසා ලොකු පහ­සු­වක් තිබෙ­නවා .

ඉදිරි නිර්මාණ ගැන කීවොත්?
සිනමා තිර රචනා කිහි­ප­යක් ගැන බලා­පො­රො­ත්තු­වක් තිබෙ­නවා . එහි මූලික වැඩ­ක­ට­යුතු කර­මින් ඉන්නවා. එසේ­ම­ කෙටි කො­ටස් ප්‍රමා­ණ­ය­කින් යුතු ටෙලි­නාට්‍ය කිහි­ප­යක් ලිය­මින් ඉන්නවා.

World News

Send your contact Details Today