Latest News

“එකම චරිතයක කොටු නොවී රඟපාන්න කැමැතියි” – ලක්ෂාන් කැලේගේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශනය වන අමුතු දීගේ ටෙලි සිත්තමට ලැබී ඇත්තේ ඉහළ ප්‍රේක්ෂක ආදරයකි. එහි එන තාරකගේ චරිතයට පණ පොවන ලක්ෂාන් කැලේගේ ටෙලි තිරයට එක් වූ අලුත්ම මුහුණකි. මේ කතාබහ ඔහු සමඟයි.

“තාරක කියන්නේ කැම්පස් එකේ සාරදාගේ යාළුවා. ඇත්තටම තාරකගේ චරිතය කතාවේ එන්නේ නෝංජල් චරිතයක් විදියට. ඒ කියන්නේ කෙල්ලෙක් ළඟට එනවටවත් කැමති නැති, නිතරම අනුන්ගේ ඕපදූප හොයන චරිතයක්.

සිරසේ විකාශනය වන රොකි ටෙලි නාට්‍යයේ බොඩිගාඩ් කෙනෙක් විදියටත්, හිරු නාළිකාවේ විකාශනය වන බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍යයේත් ගැමි චරිතයක් රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා.”

ඉදිරියේදී සිනමාහල් පුරා විකාශනය වීමට නියමිත ‘අයාලේ ජීවිත’ සිනමා සිත්තමේ ලක්ෂාන්ගේ චරිතය සහ මනේජ්ගේ චරිතයට රංගන දායකත්වය ලබාදෙන්නේද ලක්ෂාන්ය.

“‘අයාලේ ජීවිත‘ෆිල්ම් එකේ මම චරිත දෙකක් රඟපානවා. ෆිල්ම් එකේ එන ලක්ෂාන් සහ මනේජ් කියන්නේ එකම අම්මගේ දරුවෝ දෙන්නා. මේ දෙන්නගේ තාත්තයි තව කෙනෙකුයි බිස්නස් එකක් කරගෙන යනවා. බිස්නස් එක තමන්ගේ අතටම ගන්න හිතන අනෙක් කෙනා ළමයි දෙන්නගේ අම්මයි තාත්තයි දෙන්නවම මරනවා. මේ නිසා මනේජ් සහ ලක්ෂාන් කියන සහෝදරයෝ දෙන්නා වෙන් වෙනවා. තාත්තව මරපු කෙනා මනේජ්ව හදාගන්න ගන්නවා. ලක්ෂාන්ව හදාගන්නේ එයාගේ තාත්තා එක්ක වැඩ කරපු ගෝලයෙක්. මනේජ් සහ ලක්ෂාන් තමන් සහෝදරයෝ කියලා දන්නෙත් නැහැ. ප්‍රශ්න මැද්දේ අවසානේ කොහොමහරි සහෝදරයෝ දෙන්නා එකතු වෙනවා. මනේජ් රඟපාන්නේ දුෂ්ට චරිතයක් විදියට.

ඇත්තටම එකම ෆිල්ම් එකේ චරිත දෙකක් නිසා මහන්සි වෙන්න වුණා. අයාලේ ජීවිත කියන්නේ ගොඩක් ආසාවෙන් කරපු ලස්සනම ෆිල්ම් එකක්. මම ආසයි එකම වගේ චරිතවලට කොටු නොවී විවිධ චරිත රඟපාන්න. මට මගේ අම්මගෙනුයි තාත්තගෙනුත් හොඳ සහායක් ලැබෙනවා. මම දැනට බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන ගමන් තමයි රඟපෑමේ නිරත වෙන්නේ. ” යනුවෙන් ලක්ෂාන් පවසයි.

World News

Send your contact Details Today