Latest News

ලංකාවේ බිත්තර මිල අඩු බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බිත්තර ආනයනය කිරීමට මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව දේශීය බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව රුපියල් 35කට අලෙවි කළ හැකි දේශීයව නිෂ්පාදනය කරන බිත්තර මේ වන විට රට තුළ පවතින බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ.

ඉදිරියේදී බිත්තර තවත් අඩු වන බවද ඔහු සඳහන් කළා.

බිත්තර ආනයනය හේතුවෙන් මෙරට දේශීය කර්මාන්තය අනතුරට පත් වන බවයි ඔහු සඳහන් කළේ.

බිත්තර ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය ඉකුත් දා තීරණය කළා.

ඒ, බිත්තරයක් රුපියල් 37ක මිලකට ලබා දීමේ අරමුණින්.

World News