Latest News

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන “ලොකු පැටී” අත්අඩංගුවට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් “ලොකු පැටී” නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ බෙලරූස්හී දි ආරක්ෂක අංශ විසින් බවයි වාර්තා වන්නේ.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරංචි මාර්ග සදහන් කළේ.

පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසනවා.

World News