මැතිවරණ නීති උල්ළංඝණය කිරීම ඇතුළු විවිධ පැමිණිලි 125කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.
ඊට පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධ පැමිණිලි සහ ඉල්ලීම්ද ඇතුළත් බවයි එහි පැමිණිලි අංශයේ නිළධාරින් සඳහන් කළේ.
ඉදිරියේ දී මැතිවරණය සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ඉදරිපත් කිරීමට ඇත්නම් මැතිවරණ කොමිසමෙහි ස්ථාපිත කර ඇති පැමිණිලි අංශය සම්බන්ධ කරගත හැකි බවද එම කොමිසම සඳහන් කළා.
මේ අතර මැතිවරණ කාලසීමාව තුළ මෙතෙක් ලැබී ඇති පැමිණිලි අතුරින් බහුතරයක් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි බව පැෆරල් සංවිධානය පවසනවා.
ප්රචණ්ඩ ක්‍රියා සිද්ධීන් කිසිවක් වාර්තා නොවන බව එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.