ශ්‍රී ලංකාව තුළ දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
අගෝස්තු 19 සහ 20 යන දිනවල එම සංගණනය සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා තිබෙනවා.
අදාළ සංගණනය පැවැත්වෙන්නේ, සියලු වනජිවී නිලධාරින් මෙන්ම යුධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ද දායකත්වයෙන්.
සංගණනය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිබෙන බව ද වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
අවසන් වරට ශ්‍රී ලංකාව තුළ වන අලි සංගණනයක් සිදුකළේ, 2011 වසරේදීයී.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ සිටි වන අලි ඇතුන් සංඛ්‍යාව 5,878 ක්.