Latest News

තෛයිපොංගල් දිනය අදයි

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව මහත් හරසරින් සමරන තෛයිපොංගල් දිනය අදයි.

ශ්‍රී ලාංකික හින්දු භක්තිකයින්ද තෛයිපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීමට එක්ව සිටිනවා.

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛයිපොංගල් උත්සවයේ විශේෂත්වයයි.

තෛයිපොංගල් උත්සවය පැවැත්වීම සිදුවන්නේ ගොවිතැනින් සරු අස්වැන්නක් ලබාගැනීමට දායක වූ හිරු දෙවියන්ට සැළකීම වෙනුවෙනුයි.

වසර මුලුල්ලේම කෘෂිකාර්මික කටයුතුවලට ආශිර්වාද කරන හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවෙනවා.

කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන ගව මහේෂාදී සතුන්ට ද ගෞරව කිරීම තෛපොංගල් උත්සවය තවත් විශේෂත්වයක්.

තෛයිපොංගල් යන වචනයේ සිංහල අරුත වන්නේ උතුරා යාම හෙවත් පිටාර ගැලීම යන්නයි.

කිරි උතුරවා යාමට සළස්වමින් සියලු දෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛයිපොංගල් චාරිත්‍ර අතර මුල්තැනක් ගන්නවා.

මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙසද සැලකෙනවා.

World News