Latest News

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වේ

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සෑම දුරුතු පුන් පොහෝ දිනකම සිදුකෙරෙන අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව අද (13) පෙරවරුවේ යෙදුණු සුබ නැකතින් පැවැත්වුණා.

ශ්‍රී දළඳා මාළිගාවට අයත් කුඹුරුවලින් ලබාගන්නා නැවුම් අස්වැන්න උපයෝගී කර ගනිමින් පිළියෙළ කරන ආහාර දළඳා සමිඳුන් උදෙසා පූජා කිරීම මෙහිදී සිදුවෙනවා.

නව වසරේ ගොවිතැන් බත් සරුසාරව අටකොටු පිරී රට සමෘද්ධිමත් වීම බලාපොරොත්තුවෙන් මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන්නේ පෙර රජ දවසේ සිටයි.

ශ්‍රී දළඳා මාළිගාවේ තේවාව භාර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු දළදා මාළිගාවේ කාර්ය භාර නිලිධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

World News