Latest News

නොස්ට්‍රඩේමස්ගේ 2025 අනාවැකි මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසර උදාවූ අලුත, වසරේ ඉදිරි කාලයේ සිදුවිය හැකි දේ පිළිබඳව අප සැමට කුතුහලයක් ඇති වී තිබෙනවා.

මෙම අනාගත දැක්ම සඳහා පැරණි අනාවැකි කරුවන්ගේ ඉගැන්වීම් වෙත යළි හැරී බැලීමට සිදුවනවා.

විශේෂයෙන්ම ප්‍රසිද්ධ අනාගත වක්තෘ නොස්ට්‍රඩේමස් විසින් පසුගිය කාලයේ සිදුවීම් කිහිපයක් පුදුම සහගත නිරවද්‍යතාවයකින් පුරෝකථනය කර තිබෙනවා.

16 වන සියවසේ ජීවත් වූ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු සහ ස්වයං-ප්‍රකාශිත අනාවැකි කරු‍වෙකු වන නොස්ට්‍රඩේමස්, ‘Les Prophéties’ හෙවත් ‘අනාවැකි’ නමින් පොතක් රචනා කළා.

එහි කවි පද 942ක් අඩංගු වන අතර ඒවා අනාගත සිදුවීම් පිළිබඳ පුරෝකථන ලෙස හඳුන්වා දී තිබෙනවා.

ප්‍රහේලිකා ආකාරයේ මෙම කවි ව්‍යංගාර්ථයෙන් යම් යම් දේ කියා තිබෙනවා.

ජෝන් එෆ්. කෙනඩි ඝාතනය ,ඩයනා මරණය, 9/11 සිද්ධිය, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සහ කෘත්‍රිම බුද්ධියේ නැගී ඒම වැනි සිදුවීම් ඔහු සාර්ථකව පුරෝකථනය කළ බව ප්‍රකටයි.

2025 සම්බන්ධයෙන් ඔහු කියන අනාවැකි ගැන ඔහුගේ ප්‍රහේලිකා කවි ඇසුරින් ඇතැමුන් අර්ථ ගන්වා තිබෙනවා.

දැනට පවතින ලෝක සිදුවීම් සමඟ පැහැදිලිම සම්බන්ධතා ඇති පුරෝකථනය වන්නේ ‘දීර්ඝ යුද්ධය’ පිළිබඳවයි. සටන් වදින දෙපාර්ශවයම වෙහෙසට පත්ව අවසානයේ පරාජයට පත්වන බව ඔහු ලියා තිබෙනවා.

“දීර්ඝ යුද්ධයෙන් සියලු හමුදා වෙහෙසට පත්ව, සොල්දාදුවන්ට මුදල් නොලැබෙන තැනට පත්වන බවත් රන් හෝ රිදී වෙනුවට, ඔවුන් සම්, ගාලික ලෝකඩ, සහ හඳගේ අඩසඳ සලකුණ කාසි බවට පත් කරනු ඇත” යනුවෙන් සඳහන්.

බොහෝ දෙනා මෙය රුසියාව සහ යුක්රේනය අතර ගැටුම හැඟවීමක් ලෙස දකින අතර, ‘ගාලික ලෝකඩ’ සහ අඩසඳ සංකේතය යුක්රේනයට සහය දක්වන ප්‍රංශය හෝ තුර්කිය වැනි රටවල මැදිහත්වීම හැඟවීමක් විය හැකි යැයි විශ්වාස කරනවා.

එක් සටනක් අවසන් වුවද, සාමය සර්වත්‍ර නොවනු ඇත. විශේෂයෙන්ම එංගලන්තය “කෲර යුද්ධ” වලට මුහුණ දෙනු ඇතැයි නොස්ට්‍රඩේමස් පුරෝකථනය කර ඇත. එපමණක් නොව, “සතුරන්ට වඩා දරුණු පැරණි වසංගතයකට” ද මුහුණ දීමට සිදුවනු ඇති.

සමහර විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ මෙම කෲර යුද්ධ රාජ පවුල තුළ ඇතිවිය හැකි අභ්‍යන්තර ගැටුම් විය හැකි බවයි. රාජ පවුලක අභ්‍යන්තර ගැටුම් රටක් තුළ කලබල ඇති කිරීමට හේතු වී ඇති පෙර අත්දැකීම් ද ඇති බැවින්, ‘වසංගතය’ යන්නෙන් අදහස් වන්නේ ද එය විය හැකි යැයි සමහරු විශ්වාස කරනවා.

2025 වසරේ ග්‍රහ ලෝකයෙන් ගිනි බෝලයක් නැගී එනු ඇතැයි නොස්ට්‍රඩේමස් විශේෂිත පුරෝකථනයක් කර තිබෙනවා.

ඔහු “ඉරණමේ පූර්විකාව” ලෙස හඳුන්වන ග්‍රහාණුවක් පොළොවට ඉතා ආසන්නව පැමිණ අවසානයේ මග හැරී යනු ඇති.

“අභ්‍යවකාශයෙන් ගිනි බෝලයක් නැගී එනු ඇත, ඉරණමේ පූර්විකාව, ලෝකය යාඥා කරයි. විද්‍යාව සහ ඉරණම කොස්මික නර්තනයක, පොළොවේ ඉරණම, දෙවන අවස්ථාවක්” යනුවෙන් සඳහන් කරනවා.

තවත් ස්වාභාවික ව්‍යසන පුරෝකථන අතර, මෙය වඩාත් නිශ්චිත වන අතර මුළු මානව වර්ගයාගේම විනාශය අදහස් කරන්නේ නැහැ.

“නව නගරය අසල ලෝක උද්‍යානය, හිස් කඳු මාර්ගයේ: එය අල්ලාගෙන බැරලයට දමනු ලැබේ, ගන්ධක විෂ කළ ජලය බීමට බල කෙරේ” යැයි නොස්ට්‍රඩේමස් ලියා තිබෙනවා.

“ලෝක උද්‍යානය” යනු බ්‍රසීලියානු ඇමසන් වර්ෂා වනාන්තරය බව විශ්වාස කෙරෙන අතර බැරැල් සහ ගන්ධක සඳහන් කිරීම ගංවතුරක් හෝ යම් ආකාරයක ගිනි කඳු ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරනවා.

අවසාන වශයෙන්, නොස්ට්‍රඩේමස් “ජලජ අධිරාජ්‍යයක්” නැගී ඒම පුරෝකථනය කර තිබෙනවා.

“ගැඹුරින් පාලකයෙක් නැගී සිටිනු ඇත, අහස දක්වා දිවෙන ගංවතුර මධ්‍යයේ. අධිරාජ්‍යයන් බිඳ වැටෙනු ඇත, සහ නව රළ පෙළ රජ කරනු ඇත,” ඔහු කියා තිබෙනවා.

“ජලජ අධිරාජ්‍යය” යනුවෙන් ඔහු සඳහන් කරන්නේ බලවත් රටක් ගංවතුරේ ගිලී විනාශවීමක් විය හැකියයි අදහස් කෙරෙනවා.

නොස්ට්‍රඩේමස්ගේ කාව්‍යමය භාෂාව සැලකිල්ලට ගත යුතුයි.

කවිය කලාත්මක වන අතර, එය බොහෝ විට අලංකාර කරන අතර භාෂාව සෘජුව අර්ථ දැක්විය නොහැකියි.

එබැවින් මෙම පේළි අර්ථ නිරූපණය සඳහා විවෘතව පවතිනවා.

මෙම පුරෝකථන විනෝදජනක විය හැකි නමුත්, ඒවා අපගේ ජීවිත පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි.

මෙම වසර, සෑම වසරක්ම මෙන්, අපගේය. එබැවින් එය හැකි උපරිම අයුරින් යහපත් කිරීමට අපගේ ශක්තිය යොදවමු. එය පමණක් ඉදිරියට යන මාර්ගයයි.

World News

Send your contact Details Today