පසුගිය වසර දහයේ දී ළමා උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
මෙය අනාගතයට බලපෑම් ඇති කරන බවයි වෛද්‍යවරයා වැ ඩිදුරටත් අවධාරණය කළේ.
එමෙන්ම දරුවන් අතර දියවැඩියාව හා පිළිකා රෝගී තත්ත්වය ද ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා පවසන්නේ.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා…
“පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී දුටු දෙයක් තමයි මෙරට උපත් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුවීම. 2013දී උපත් 350,000ක්. 2024දී 228,000ට අඩු වෙලා. ඒ ළමයින්ගෙනුත් යම්කිසි ප්‍රමාණයක් රෝග නිසා රෝහල්ගත වෙනවා. අවුරුදු 20කට කලින් අපි නොදුටු තත්ත්වයක් දැන් උදාවෙලා. ළමා දියවැඩියාව වාර්තාවීම වැඩි වෙලා. ළමා පිළිකා තත්ත්වයන් වාර්තාවීම වැඩිවෙලා. මානසික රෝගවලත් වැඩිවීමක් අපි දකිනවා. මේ වගේ දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක වෙන එකක් නැහැ. අපි හැමෝම මේ ගැන කල්පනාකාරී වුණේ නැත්නම් අපි හැමෝම අමාරු තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.”