ඉන්දියානු ධීවරයින් උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලු වී ට්‍රෝලර් යාත්‍රා මගින් මසුන් ඇල්ලීමේදී දැල්වලට පැටලෙන සහ ට්‍රොලර් යාත්‍රාවල ගැටීමෙන් අනතුරට ලක්වන කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් මේ වන විට උතුරු මුහුදට ගොඩගසන බවට උතුරේ ධීවර සංගම් විසින් පෙන්වා දෙනවා.
ගෙවී ගිය මාසයක පමණ කාලය තුලදී යාපනය කෂුරිනා මුහුදු තීරය, කෝවලන් සහ කරෙයිනගර් මුහුදු තීරයන් වෙතට මිය ගිය කැස්බෑවුන් 100 කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා තිබෙනවා.
තුවාල ලැබූ කැස්බෑවුන්ද විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබූ බවයි යාපනයේ ධීවරයින් පවසන්නේ.
එසේම මූහුදු තීරයන් වෙතට ගොඩගසා සිටින කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් නාවික හමුදා සෙබලුන් මෙන්ම ධීවරයින් විසින් බේරා මුහුදට මුදා හැරීමටද කටයුතු කර තිබෙනවා.
ඉන්දියානු ධීවරයින්ගේ ට්‍රොලර් යත්‍රා දැල් ආම්පන්න විශාල බැවින් එම යාත්‍රාවල ගැටෙන කැස්බූවුන් දෛනිකව මුහුදු තීරයන්ට ගොඩගැසීම වැඩි වී ඇති අතරම මේ පිළිබඳව කිසිදු බලධාරියෙකු මේ වනතුරුත් පියවර ගෙන නොමැති බවයි යාපනයේ ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.