Latest News

Presidential Election 2024 Sri Lanka: ජනාධිපතිවරණය සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ජනාධිපති මැතිවරණය එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කළා.

ඒ අනුව 2024 ජනපතිවරණය සඳහා ලබන අගොස්තු මස 15 වැනිදා දක්වා නාම යෝජනා භාරගනු ලබන බවයි ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

රාජගිරිය සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට අපේක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කළ හැකි බව අද නිකුත් කෙරුණු අංක 2394/51 දරන අති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්…

මේ අතර අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්දහිමියෙකු විසින් යෝජනා කරන ලද අපේක්ෂකයෙකු රුපියල් 75,000ක මුදල් ඉදිරිපත් කළ යුතුයි.

මේ අතර නිදහස් සහ සාධාරණ ඡන්ද විමසුමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ද මැතිවරණ කොමිෂන් සභාපතිවරයා කියා සිටියා.

මැතිවරණ කොමිසම සභාව විසින් විසින් නියම කරන ලද නියමයන් සහ විධානයන්ට අනුව ඉදිරි මැතිවරණ කටයුතු සිදුකරගෙන යාමට සහාය ලබාදෙන ලෙසයි ඒ මහතා ඉල්ලීමක් කළේ.

World News