Latest News

පහරකෑමකට ලක් වූ පොලිස් නිලධාරීන් පිරිසක් රෝහල්ගත කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි සිදුවු ගැටුමකින් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්ව තුවාල ලැබු අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු, සැරයන් වරයෙකු හා පොලිස් නිලධාරින්ට පහර දුන් පුද්ගලයාද රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය පවසනවා.

අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂක වරයෙක් හා පොලිස් සැරයන්වරයෙකු , අනුරාධපුර පුජා නගරයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රෝහල් ගත කොට තිබෙනවා.

පහර කෑමට ලක්වු මෙම පොලිස් නිලධාරින් දෙදෙනා සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිම සඳහා (24) දින රාත්‍රියේ යමින් සිටියදි අනුරාධපුර පුජ නගරයේ විජයබා මාලිගය ආසන්නයේදි බීමත් පුද්ගලයන් පිරිසක් අතර සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරින්ට රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරි ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදි ඇතිවු ගැටුමෙන් පොලිස් නිලධාරින් දෙදෙනාත් බීමත් පුද්ගලයාත් තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

World News