වර්තමානය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.
දෙසැම්බර් මාසයේ ගෙවුණු දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව අනූදහසකට අධිකයි.
මෙම වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව / රුසියාව/ එක්සත් රාජධානිය/ චීනය සහ ජර්මනිය යන රටවල්වලින්.
ඓතිහාසික වැදගත්කමක් සහිත ගාලු කොටුව නැරඹීම සඳහා මේ දිනවල විදේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
පාසල් නිවාඩුව හේතුවෙන් ද දේශිය සංචාරකයින් වැඩි වශයෙන් ගාලු කොටුව නැරඹීමට පැමිණෙන ආකාරයයි දක්නට ලැබෙන්නේ.