Latest News

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත අදායම ඉහළට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසරේ තුන්වන කාර්තුවවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත අදායම 5.5%කින් වර්ධනය වී තිබෙනවා.

2024 වසරට අදාලව ජාතික ගිණුම් ඇස්තමේන්තුවේ මේ බව සඳහන් වනවා.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කළ වාර්තාව වැඩි දුරටත් මේ බව පෙන්වා දෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කර තිබුණා.

2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 3.0, සියයට 10.8 ක් සහ සියයට 2.6 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර තිබෙනවා.

World News

Send your contact Details Today