Latest News

ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන තවත් ඉහළට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දින කිහිපයක සිට ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් වෛරසයෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම උණ රෝගය වැළඳී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙතෙක් එම වෛරසය කුමක්දැයි හඳුනාගෙන නැහැ.

මියගිය පුද්ගලයින්ගෙන් බොහොමයක් තරුණයින් බවත් මියගියවුන් අතර එක් කාන්තාවක් ද සිටින බවත් වාර්තා වනවා.

මෙම පුද්ගලයින් මියගොස් ඇත්තේ උණ වැළඳීමෙන් පසුව ශ්වසන අපහසුතා මතුවීමෙන් පසුව බවයි යාපනය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

කෙසේවෙතත් මියගිය පිරිසගේ දේහ කොටස් පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලට එවා තිබෙනවා.

ඊයේ (11) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පැවති වසංගත රෝග විද්‍යා අංශයේ මාධ්‍ය හමුවේ දී පවසා තිබුණේ මෙම රෝගය මී උණ බවට සැකයක් පවතින බවත් එය තවමත් ස්ථිර නොවන බවයි.

මෙලෙස මියගිය පිරිස අතර සයදෙනෙකු ම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවත් එක් අයෙක් මුලතිව් හි පදිංචි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

World News

Send your contact Details Today