Latest News

හෙට රජයේ වෛද්‍යවරුන් එක් දින සංකේත වැඩවර්ජනයක්

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය අද (30) මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නා.
සංගමය පවසන්නේ, කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධීව දේශපාලනික අරමුණකින් වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකිරීම නිසා මෙම වැඩවර්ජනය සිදුකරන බවයි. එහිදී, එවැනි ස්ථාන මාරුකිරීම් සඳහා ලයිස්තුවක් සාදා ඇති අතර, මෙයට පෙර එවැනි ක්‍රියාවලියක් නොසිදුකර ඇති බවද සංගමය හෙළි කළා.
එමෙන්ම, හදිසි ප්‍රතිකාර අවශ්‍යතා සඳහා වෛද්‍ය සේවාවන් සපයා දෙන බවත්, මෙම සංකේත වැඩවර්ජනය නවතා ගැනීමට අවශ්‍ය නම් හෙට උදෑසන දක්වා කාලය තිබෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today