Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවස අසල සිදුවූ කලාකාරී සිද්ධිය විමර්ශනයේ පුවත

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අරගලය පැවති සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසල ඇතිවූ කලාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ධනබාල සිංහම් සුභාකරන් නමැති පුද්ගලයා මෙම සිද්ධියෙන් තමන් තුවාල ලැබුවා බව සඳහන් කරමින් පූර්ව අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, පෙත්සම්කරු එහි එක් සැකකරුවකු ලෙස නම්කර ඇති බවත් ය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබාදී ඇති අතර, විමර්ශන ප්‍රගතිය ගැන විස්තර දැනුම් දීමට පෙත්සම සැප්තැම්බර් 25 වනදා කැඳවීමට නියම කළා.

World News

Send your contact Details Today