Latest News

ටොන් දොළහක චොකලට් තොගයක් යුරෝපයෙන් අතුරුදහන්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ ජනප්‍රිය චොකලට් වර්ගයක් වන කිට්කැට් ටොන් දොළහක් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් යුරෝපයේදී අතුරුදහන් වී ඇති බව නෙස්ලේ ආයතනය සඳහන් කරයි.
මෙම රථයේ කිට්කැට් බාර් ඇතුළු නෙස්ලේ නිෂ්පාදන ලක්ෂ හතර දහතුන් දහස් හතසිය අනූ තුනක් පමණ අන්තර්ගතව තිබූ බව වාර්තා වේ.
ඉතාලියෙන් පෝලන්තය දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කන්ටේනර් රථය අතරමඟදී මංකොල්ලකෑමකට ලක්ව ඇති බවට සැක පළ වේ.
මෙම සිදුවීම හේතුවෙන් යුරෝපයේ කිට්කැට් නිෂ්පාදන හිඟයක් ඇති විය හැකි බවද නෙස්ලේ ආයතනය අනතුරු අඟවා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙය චොකලට් සහ රසකැවිලි සම්බන්ධයෙන් ඉතිහාසයේ සිදුවූ විශාලතම මංකොල්ලකෑමක් ලෙස සැලකේ.

World News

Send your contact Details Today