Latest News

ගුවන් අනතුරකින්, දේශපාලනඥයෙකු ඇතුළු 15ක් මෙළොව හැර යයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොලොම්බියාවේ දේශපාලනඥයෙකු වන ඩයෝජන්ස් ක්වින්ටෙරෝ සහ ඔහුගේ කණ්ඩායමේ 15 දෙනෙකු ගමන්ගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි සියළු දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගුවන් ගත වූ සැණින් පාලන මැදිරිය සමග තිබූ සම්බන්ධතා බිඳ වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

HK4709 ලෙස ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, එරට වේලාවෙන් පෙරවරු 11:42 ට කුකුටා ගුවන් තොටුපළෙන් මිනිත්තු 40 ක කෙටි ගුවන් ගමනක් සඳහා පිටත් වී තිබූ යානයක්.

ගලවා ගැනීමේ කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයට කඩිනමින් ළඟා වුවත්, කිසිවෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today