Latest News

රුසියා – යුක්‍රේන යුද්ධය වෙනුවෙන් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය කරන්න යන දේ මෙන්න

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනය විසින් රුසියාව සමඟ සාම ගිවිසුමකට එළඹුණහොත්, දෙරට අතර යුද්ධය අවසන් කිරීමට යුක්‍රේනයට අවශ්‍ය පරිදි ආරක්ෂාවක් ලබා දීමට බ්‍රිතාන්‍යයත්, ප්‍රංශයත් කැමැත්ත පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඊයේ (07) ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවී, සාකච්ඡා පවත්වා, ඊට අදාළ ගිවිසුමට අත්සන් කළහ.

රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමෙන් පසු, අනාගතයේ දිනෙක, රුසියාව විසින් යුක්‍රේනයට තර්ජනයක් වන්නේ නම්, රුසියන් හමුදාවලට එරෙහිව නැගී සිටීමට යුක්රේනයේ හමුදා බලඇණි ස්ථාපිත කිරීමට ප්‍රංශය මෙන්ම මහා බ්‍රිතාන්‍යය ද මෙම ගිවිසුමට අනුව, එකඟත්වය පළ කර ඇත.

World News

Send your contact Details Today