Latest News

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 7.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් ඊයේ (27) පස්වරුවේ සිදුව ඇති බව එරට මධ්‍යම කාලගුණ පරිපාලනය (Central Weather Administration) නිවේදනය කරයි.

ඉලාන් (Yilan) නගරයට කිලෝමීටර් 32 ක් පමණ නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ භූ මතුපිට සිට කිලෝමීටර් 73 ක් පමණ ගැඹුරින් උත්තර අක්ෂාංශ 24.69° සහ නැගෙනහිර දේශාංශ 122.08° ප්‍රදේශයේ මෙම භූ කම්පනය ඇතිවූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

භූමිකම්පාව හේතුවෙන් තායිවානයේ අගනුවර වන තායිපේ (Taipei) සහ දකුණුදිග කාඕසියුන්ග් (Kaohsiung) නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ප්‍රබල කම්පනයක් දැනී තිබේ.

භූමිකම්පා කේන්ද්‍රයට ආසන්න ඉලාන් ප්‍රදේශයට දැඩි කම්පනයක් එල්ල වී ඇති අතර, ඇතැම් නිවෙස්වල තිබූ භාණ්ඩ රාක්කවලින් බිමට වැටී ඇති බව වාර්තා වේ.

තායිවානයේ ජාතික ගිනි නිවන ඒජන්සිය (National Fire Agency) ප්‍රකාශ කළේ සිදුවූ අලාභහානි පිළිබඳ තක්සේරු කිරීම් මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

World News

Send your contact Details Today