Latest News

යූරෝවිෂන් තරගය වර්ජනයට තවත් රටක් එකතු වෙයි

Published 6 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ පැවැත්වීමට නියමිත යුරෝවිෂන් ගීත තරගය (Eurovision Song Contest) වර්ජනය කරන බවට නිවේදනය කළ රටවල් ලැයිස්තුවට අයිස්ලන්තය ද එක් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ ඊශ්‍රායලයේ සහභාගීත්වය නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟයි.

පසුගිය සතියේ ඊශ්‍රායලයේ සහභාගීත්වය ස්ථිර වීමත් සමඟ, රටවල් කිහිපයක්ම තරගාවලියෙන් ඉවත් වන බවටයි තීරණ කරනු ලැබුවේ.

අයිස්ලන්තය ද ඇතුළුව මේ වන විට යුරෝවිෂන් තරගාවලියෙන් ඉවත් වන බවට නිවේදනය කර ඇති රටවල් අතරට ස්පාඤ්ඤය, අයර්ලන්තය, ස්ලෝවේනියාව සහ නෙදර්ලන්තය අයත්.

මෙම රටවල් පහම 2026 යුරෝවිෂන් ගීත තරගය වර්ජනය කරන බවට දැනුම් දී ඇති අතර, මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඊශ්‍රායලය තරගයට සහභාගී වීමයි.

World News

Send your contact Details Today