Latest News

යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින ගාසා තීරයේ වැසියන්ට තවත් කරදරයක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර දෙකකට වැඩි කාලයක් යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ගාසා තීරයේ වැසියන් අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අධික වැසි හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින කූඩාරම් දහස් ගණනක් මේ වන විට ජලයෙන් යටවී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

අඛණ්ඩව ඇදහැලෙන වැසි හේතුවෙන් ඊශ්‍රායලය විසින් බෝම්බ හෙලන ලද ප්‍රදේශ පුරා පිහිටි කූඩාරම් එලෙස ජලයෙන් යටවී තිබේ.

ගාසා තීරය ආශ්‍රිත වායු ගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ ගාසා තීරයට සුළි කුණාටුවක් ඇතුළුවීමට නියමිත බවටයි පලස්තීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ.

බයිරන් ලෙස නම් කර ඇති එම සුළි කුණාවුට හේතුවෙන් අද සිට ලබන සිකුරාදා දක්වා ගාසා තීරයේ හදිසි ගංවතුර, තද සුළං සහ හිම කැට වර්ෂා ඇතිවිය හැකි බවට කාලගුණවිද්‍යා බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මේ හේතුවෙන් යුද්ධයෙන් අවතැන්ව සිටින පවුල් ලක්ෂ ගණනක් තර්ජනයට ලක්ව සිටින බවයි පලස්තීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ශක්තිමත් නොමැති කූඩාරම්වල රැඳී සිටින ගාසා වැසියන්ට බයිරන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today