Latest News

Fitch Ratings වෙතින් ගෝලීය ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක්

Published 19 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2.4 දක්වා අඩුවනු ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පුරෝකථනය කරයි.

එසේම, මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2. 5 ක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ ලෝක ආර්ථික වර්ධනය පැවතියේ 2. 9 ක් ලෙසයි.

කෙසේ වෙතත් ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කළේ මෙම වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන සියයට 1. 8 දක්වාත්, ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7. 4 දක්වාත් ඉහළ යනු ඇති බවයි.

මේ අතර චීනයේ ආර්ථික වර්ධනය සියයට 4. 8 දක්වා අගයක් ගනු ඇති බව ද ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි.

World News

Send your contact Details Today