Latest News

Instagram සඳහා වන දෙමව්පිය අධීක්ෂණ යෙදවුම Meta සමාගමෙන් නිල වශයෙන් ලංකාවට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ යොවුන් වියේ පසුවන දරුවන්ගේ Instagram ගිණුම් සඳහා අධීක්ෂණ පහසුව දෙමාපියන්ට ලබාදෙන යෙදවුම නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා.

ඒ, පසුගිය 21 වැනිදා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවති විශේෂ හමුවක් අතරතුරදීයී.

මෙම හමුවේදී මෙරටට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා.

Meta සමාගමේ නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂණ ක්‍රියාවලිය බලාත්මක කිරීමේ පියවරයන් නුදුරු අනාගතයේ දී හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි.

එසේම නියාමනයන් සමග එකඟතාවයන්ට පැමිණීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය විසින්ම අදාළ හමුවේදී අවධානය යොමුකර තිබෙනවා.

Meta සමාගමේ නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, හඳුන්වාදුන් නව යොදවුම මේවන විට රටවල් 14ක සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

මෙම විශේෂ හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වුණා.

World News

Send your contact Details Today