Latest News

මීමුරේ, කරඹගොල්ල අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මීමුරේ – කරඹගොල්ල ප්‍රදේශයේ ඊයේ (19) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීරිගම ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබුණා.

අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්‍රධාන මාර්ගය අසළ නැවතී තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු අයත් වනවා.

එමෙන්ම තවත් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගැනුණා.

World News

Send your contact Details Today