Latest News

ශ්‍රී ලංකාවේ පාසල් වයසේ ගැහැණු දරුවන් ගැන අවාසනාවන්ත කතාවක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෑත කාලයේදී සිදු කෙරූ විමර්ශනයකට අනුව පාසල් යන වයසේ ගැහැණු දරුවන් පිළිබඳව ඉතා අවාසනාවන්ත කතාවක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෑත කාලයේදී පාසල් යන වයසේ ගැහැණු ළමුන් ගැබ් ගන්නා ප්‍රතිශතය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කරන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ පාසල් දැරිවියන් ගැබ් ගැනීම ඉහළ යාම මෙන්ම පාසල් මව්වරුන් ප්‍රමාණයද ඉහළ යාමක් පෙන්නුම් පෙන්නුම් කරන බවයි.

“මෑතකදි ගත්තොත් අපේ පාසල් යන වයසේ දරුවන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් මව්වරුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වයස 18ට අඩු දරුවන් ගැබ් ගැනීම නිසා මේ වින්දිතභාවයට පත්වන දරුවන්ගේ සංකූලතා පවා තිබෙනවා. මේ තත්ත්වයන් එක්ක ඉදිරි සමාජයේදී මව්පිය රැකවරණය අහිමි නොයෙකුත් සංකූලතාවන්ට මුහුණ දෙන ඒ වගේම අත්හල සහ අනාත දරුවන් බිහිවීම වළක්වා ගැනීම සඳහා තමයි අපි රජයක් හැටියට කටයුතු කරන්නේ. අපි අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා මේ නව යොවුන් දැරිවියන්ට, නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්දව හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතුයි කියන එක.

මේ ලොකේට දරුවෙකු බිහි කරාට පස්සේ ඒකේ පූර්ණ වගකීම ගැහැණියකට, කාන්තාවකට විතරක් නෙමේ තියන්නේ හැබැයි සමාජයේ අනාත හෝ අත්හල දරුවෙකු හැටියට දාලා යන එකේ පාපය, සාපය හා සමාජ දෝශාරෝපණය සහ වින්දිතභාවට පත්වෙන්නේ ගැහැණියකට, දරුවෙකුට ඒ නිසා ඔබට දෙන්න තියන පළවෙනි උපදේශය තමයි ඔබට සබඳතා පවත්වන්න පුළුවන් නමුත් ඔබට වගකීම් සහගතව පවුල් බැඳියාව තුළ දරුවෙකු බිහිකරන්න නොහැකි නම් ගර්භාෂයට ආවට පස්සේ කළලය නැති කිරීම සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් වෙනවා. ඒ නිසා ගැබ් ගැනිම වළක්වා ගැනීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්න ඒ හැර මේ දරුවන් අනාත හෝ අත්හලභාවයට පත් කරලා වින්දිත දරුවන් හැටියට සමාජයට අතහැර දමන්න එපා…”

World News

Send your contact Details Today