Latest News

“ගිවිසුම් නැහැ, හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා” – ඉරාන විදේශ අමාත්‍යවරයා

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට දඬුවම් කිරීම සඳහා බලවත් සන්නද්ධ හමුදාවන්ගේ හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා පැවතුණ බව ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi නිවේදනය කරනවා.

Abbas Araghchi විසින් සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ, සියලුම ඉරාන වැසියන් සමඟ එක්ව, අපගේ ආදරණීය රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සූදානම්ව සිටින සහ සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට අවසාන මිනිත්තුව දක්වා ප්‍රතිචාර දැක්වූ අපගේ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට තමන් ස්තුතිවන්ත වන බවයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් පූර්ණ සටන් විරාමයක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍යවරයා ද තරයේ ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වන විට, කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඊශ්‍රායල තන්ත්‍රය ඉරාන ජනතාවට එරෙහි නීති විරෝධී ආක්‍රමණය ටෙහෙරාන් වේලාවෙන් අලුයම 4ට පෙර නතර කළහොත්, මෙම යුද්ධය දීර්ඝ වශයෙන් සිදු කිරීමේ අවශ්‍යතාවක් තම රටට ද නොමැති බවයි විදේශ අමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ.

ඉරාන හමුදා මෙහෙයුම් නැවැත්වීම පිළිබඳ අවසාන තීරණය පසුව ගනු ඇති බවත් එම X පණිවිඩයේ සඳහන්.

මේ අතර කටාර් රාජ්‍යය ද වසා දැමුණු ගුවන් කලාපය යළිත් විවෘත කර තිබෙනවා.

World News

Send your contact Details Today