Latest News

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉරාන නියෝජිත අමීර්, ට්‍රම්ප්ට දෙහි කපයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව තම රටට එරෙහිව යුද්ධයක් ආරම්භ කර ඇත්තේ ව්‍යාජ විකාර සහගත හේතුවක් මත බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉරාන නියෝජිතයා වූ අමීර් සයීඩ් ඉරාවානි ප්‍රකාශ කරනවා.

නිර්ලජ්ජිත ලෙස අමෙරිකාව කළ ආක්‍රමණයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉරානයට අයිතියක් ඇති බවයි අමීර් සයීඩ් ඉරාවානි අවධාරණය කළේ. 

ඒ අනුව ඊට ඉරානය දක්වන ප්‍රතිචාරය සිය රටෙහි සන්නද්ධ හමුදාව විසින් තීරණය කරන බවද ඉරාවානි පැවසුවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාව තවත් මිල අධික, පදනම් විරහිත යුද්ධයකට ඈදා ගත් බවත්, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කළ ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝණය කළ බවටත් ඉරාවානි සිය ප්‍රකාශයෙන් පෙන්වා දෙනවා.

තම රට න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමේ අද්දර සිටින බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ඒවා ප්‍රවර්ධනය කර ඇත්තේ ඊශ්‍රායලය බව ඉරාවානි සිය කතාවේදී ප්‍රකාශ කළේ.  

මෙම ගැටුම්වලට අමෙරිකාව සහ ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි ඉරාවානි පැවසුවේ.

World News

Send your contact Details Today