නැළවෙන මවු උකුලේ
පොඩි දරුවන් දෙතොලේ
සුරතල් සිඟිති සිනා
මැවෙන කලේ කිරි ඉතිරේ
60 දශකයේ සංගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත් වු ශ්‍රාවක සවන්පත් මත රැව්පිළිරැව් දුන් මෙම ගීතයේ නිර්මාතෘ පිළිබඳ වත්මන් පරපුර ඇතැම් විට නොදන්නවා විය හැක. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නාමයකින් යුත් ගායන කණ්ඩායම වු 1967 බිහිවු අතිශයින් ජනාදරයට පත් වු සමනලයෝ ගායන කණ්ඩායමේ නායක රේමන්ඩ් සිරි ෆොන්සේකාය.
වාද්දුව ග්‍රාමයෙන් බිහි වූ ගායකයෙකු, ගීත රචකයකු, සංගීතඥයෙකු, තනු නිර්මාපකයෙකු, ලෙස සංගීත ක්ෂේත්‍රය දික්විජය කළ ඔහු දක්ෂ ඕගන් වාදකයෙකු ද වේ. එදවස බොහොමයක් ගී ගැයුනේ තැටිවලටය. පිලිප් ලේබලය යටතේ ප්‍රථම ඊපී තැටිය නිකුත් කිරීමේ භාග්‍යය හිමි කර ගත්තේ සමනලයෝ කණ්ඩායමය. නැටුම් ගුරුවරි, පැද්දී මේ ඔරුවේ, නැළවෙන මවු උකුලේ, හඳ එළිය නමින් අතිශයින් ජනප්‍රිය ගීත හතරක් රේමන්ඩ් ප්‍රමුඛ සමනලයෝ කණ්ඩායම තැටිගත කරන ලදී. මෙම තැටියේ සියලුම ගීත රචනා කළ ඔහු ගීත දෙකක තනු නිර්මාපකයාද විය. ගීත හතර සංගීතවත් කළේ පැට්‍රික් දෙනිපිටියයි. ඔවුන්ගේ ප්‍රථම තැටිය උණු කැවුම් මෙන් එදවස අලෙවි වූයේ සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමිනි. ප්‍රථම ඊපි තැටියට ගීත ගායනා කිරීමට සමනලයෝ කණ්ඩායමට අවකාශ සලසා දුන්නේ ඔවුන්ගේ හිත මිතුරු පැට්‍රික් කොරේරාය.
සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුත් සමනලයෝ කණ්ඩායමේ නායකයා රේමන්ඩ් ෆොන්සේකාය. රෝයි ෆොන්සේකා සහ නිහාල් සිල්වා අනිකුත් සාමාජිකයන් වන අතර ඔවුන් තිදෙනාම දෙව් සත්හලේ එකට උගත් සිසුන්ය. රේමන්ඩ් සිය බිරිය ශාමෙන් ෆොන්සේකා වෙනුවෙන් රචනා කර තනු නිර්මාණය කළ නැටුම් ගුරුවරී මගේ හද දිනුව කුමාරි ගීතය එකල අතිශයින් ජනප්‍රිය ගීතයක් විය. කඳුහෙල් පසුකර, පෙම් කිරිල්ලියේ, පෙම් මල් යහන, මහ පැරකුම්, ඩංකුටු කුටු, මැණිකේ ඩිංගක්, ගුවන් කුමාරි, හඳ එළිය, ලහිරු සිඹින මල්, නුදුරින් මගේ සිටියා, මවුපිය ගුණ, ජේන් ජේන් බිනරමලී, මෑතක සිට, ආදී ගීත තිස්පහකට ආසන්න සංඛ්‍යාවක් රචනා කර ඇත. ඇතැම් ගීතවල තනු නිර්මාණය කර ගායනා කරන ලද්දේ ද රේමන්ඩ් විසිනි. ප්‍රවීණ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍ර ෙස්නයන් සංගීතවත් කළ ගීත තැටියකට ගීතයක් ගයන්නට රේමන්ඩ්ට අවස්ථාව සැලසුණි. තේ රබර් පොල් ගීතයයි. මෙම ගීතය රචනා කළේ සිරිල් ඒ සීලවිමලය. මෙම ගීත තැටියට වික්ටර් රත්නායකගේ මෝහෙන් මුළා වෙලා ගීතය සහ නිහාල් නෙල්සන්ගේ ගීතයක්ද ඇතුළත් විය. 1971 වසරේදී සමනලයෝ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් විදෙස් ගතවීම නිසා සමනලයෝ කණ්ඩායමට නැවතීමේ තිත තැබිණ.
පසුව රේමන්ඩ්, රෝහිත ජයසිංහගේ සියැක් කණ්ඩායමට එක් විය. ඒ 1971 දීය. එතැන් පටන් 1983 දක්වා කාලයක් සියැක් කණ්ඩායමේ නිත්‍ය ගායකයා සහ ඕගන් වාදකයා වූයේ ඔහුය. ඔහු ගායනා කළ සෝබන සැන්දෑවේ ගීතය අදටත් ජනප්‍රිය ගීතයකි. 1983 වසරේ සියැක් කණ්ඩායමෙන් ඉවත් වී ලංකාවට සමුදී යුරෝපය බලා පිටත් වූයේ සෙරනේඩ් නැමැති නවතම බටහිර ගායන කණ්ඩායමක් සමඟ එක් වෙමිනි. ලාල් තේනබදු, ඩික්සන් ගුණරත්න, මයික් ගුණසේකර සමඟ එක් වී යුරෝපාකරයේ බටහිර ආරේ ගීත ගායනා කරන ජනප්‍රිය කණ්ඩායමක් බවට රේමන් ප්‍රමුඛ සෙරනේඩ් පත්විය. දෙවසරකට පසු නැවතත් මවු රටට පැමිණි ඔහු ඒක පුද්ගල සංගීත (one man)සංගීතඥයෙකු මෙන්ම ගායකයෙකු ලෙස සංගීත ක්ෂේත්‍ර ෙය් අඛණ්ඩව විසි වසරක් පුරා දිගු ගමනක නියැළුණේය.
අඩ සිය වසක රේමන්ඩ්ගේ සංගීත දිවිය සමරමින් ඔහු ගැයු පැරණි ගීත මෙන්ම නවතම ගීත කිහිපයක් ඉංග්‍රීසි ගීත දෙකක්ද ඇතුළත් කරමින් සංයුක්ත තැටියක් එළිදැක්වීය. එම සංයුත්ත තැටියට සංගීතය සපයන ලද්දේ මහින්ද බණ්ඩාර සහ වජිර රත්නායක සහ රේමන්ඩ් විසිනි. මෙම සංයුක්ත එළිදැක්වූයේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී 2017 වසරේදීය.
සංගීත ක්ෂේත්‍රයට ඔහු විසින් තිළිණ කර ඇති ගීත සංඛ්‍යාව තිස්පහකට ආසන්නය. ගීත සියල්ලේම පද රචකයා වුයේ ඔහුය. ඇතැම් ගීතවල තනු නිර්මාපකයාද ඔහුය. වර්තමානයේ ඔහුගේ ගීත නවතම ගායන ශිල්පීන් විසින් ගායනා කළද ගීතයේ මුල් අයිතිකරු අදටත් ජීවතුන් අතර සිටින රේමන්ඩ් සිරි ෆොන්සේකා බව බොහෝ දෙනා නොදනී. රේමන් විසින් ගායනා කරන ලද කතෝලික ගීතිකා කිහිපය අතර ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචිත ගීතයක් ද ඇතුළත්ය. එදා මෙදා තුර ප්‍රසිද්ධිය පසුපස හඹා නොගිය ශිල්පියෙකු වු රේමන්ඩ් දක්ෂතා පිරිපුන් ශිල්පියෙකි. ඔහු පිළිබඳව බොහෝ දේ ලියැවී නොමැති අතර ඔහුගේ ගීත ද ගුවන් විදුලි නාළිකා ඔස්සේ ප්‍රචාරය වී ඇත්තේ ඉතා අල්ප වශයෙන් වීම කනගාටුවට කරුණකි. ඇතැම් ගායකයින් අනුන්ගේ ගීත ගයා ප්‍රසිද්ධිය ලබා ගන්නා මෙවන් වකවානුවක ගීත තිස්පහක් ගායනා කර තනු නිර්මාණය කර ගීත රචනා කළ අති දක්ෂයකු ලෙස රසිකයාට රස විඳීමට ඔහු ඉතිරි කර ඇති ගීත සමුච්චිය අති අගනේය. සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ නම සනිටුහන් වී ඇත්තේ ඔහු ස්වතන්ත්‍ර නිර්මාණකරණයේ නියැළුණු සංගීත ශිල්පියකු වීමයි. ඔහු ගායනා කළ කන්කළු ගීත අදටත් සංගීත ක්ෂේත්‍රයේ නොනැසී පැවතීම ගායකයෙකු ලෙස ඔහු ලද ජයග්‍රහණයකි.
දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ දයාබර පියකු වන ඔහු මුනුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබන දයාබර මුත්තනුවන් කෙනෙකි. ඔහුගේ මිනිබිරියට ද දරුවෙක් සිටී. සීයාගේ අඩි පාරේ යමින් ගායන හැකියාවන් ඔපමට්ටම් කරගත් ඔහුගේ මුනුබුරා අනාගයේදී ගායන ක්ෂේත්‍රයට පිවිසීමේ පෙරනිමිති පළ කර ඇත.