Latest News

පාකිස්තානයට දෙන IMF වාරිකය, ඉන්දියාවෙන් නැති කිරීමට සැරසෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයට, ඩොලර් බිලියන 1.3ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකයක් ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය පළ කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දෙරට අතර උද්ගත වූ අර්බුධය ඊට හේතුව බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී පාකිස්තානයට ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය කළ කරනු ඇති බව සඳහන්.

සංවර්ධනය පිළිබඳ හුරුපුරුදු මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් සඳහන් කරන්නේ, අසල්වැසි රට විසින් ත්‍රස්තවාදයට සහාය දීම සඳහා ණය ලබා ගන්නා බව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ඉන්දියාව ප්‍රකාශ කරනු ඇති බවයි.

එමෙන්ම පාකිස්තානය විසින් ත්‍රස්තවාදයට සහාය දීම, ඉන්දියාව සිය විරෝධයට හේතු ලෙස දැක්විය හැකි බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

එළඹෙන මැයි 9 වැනි දා පැවැත්වීමට නියමිත IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී පකිස්තානය සඳහා යෝජිත ඩොලර් බිලියන 1.3ක ණයක් සමාලෝචනය කිරීමට සූදානම් වනවා.

එම රැස්වීමේදීම, දැනට පවතින ඩොලර් බිලියන 7ක ඇපදීමේ පැකේජයට බැඳී ඇති ප්‍රතිපත්තිමය කැපවීම් පිළිබඳ පාකිස්ථානයේ ප්‍රගතිය ද තක්සේරු කරනු ඇති.

World News

Send your contact Details Today