2025 යුරෝ ෆොර්මියුලා තරගාවලියේ අරඹමින් පළමු අදියර පෘතුගාලයේදී පැවැත්වුණා.
මෙහිදී පළමු තරගයේ තෙවැනි ස්ථානය දිනා ගත් යෙවාන් ඩේවිඩ් ඊයේ (27) දෙවැනි තරගය සඳහා එක් වූ අතර එහිදී සුපිරි තරගයකින් පසු යෙවාන් තරගය ජය ගන්නට සමත් වුණේ මෙවර තරගාවලියේ සිය පළමු ජය වාර්තා කරමින්.
ඒ වට 18කින් සමන්විත වූ තරගය විනාඩි 29යි තත්පර 11යි දශම 347කින් අවසන් කරමින්.
යුරෝ ෆොර්මියුලා තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වන යෙවාන් ෆොර්මියුලා තරගයක් ජයගත් තුන්වැනි අවස්ථාව මෙයයි.
මෙහිදී ශ්‍රී ලංකා ජාතික ගීය පෘතුගාල ෆොර්මියුලා වන් ධාවන බිමේදී වාදනය වුණා.