නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව මැයි 05 හෝ 06 වැනිදා පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊළඟ පාප්වහන්සේ තෝරා පත් කරනු ලබන්නේ කර්දිනාල්වරුන්ගේ සභාව විසින්.
මෙම සභාව පාප්වහන්සේ විසින් පත් කරන ලද කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨතම තැනැත්තන්ගෙන් සමන්විත වනවා.
ඔවුන් ඉදිරි දින කිහිපය තුළ පාප්වහන්සේ තෝරා පත් කිරීමේ රහස්‍ය රැස්වීම (කොන්ක්ලේව්) සඳහා රෝමයට පැමිණෙනු ඇති.
මෙම නම ලතින් භාෂාවේ “කම් ක්ලේව්” (cum clave) යන්නෙන් ආරම්භ වූ අතර, එහි තේරුම “යතුරු සමඟ” (with key) යන්නයි. එය පාප්වහන්සේ තෝරා පත් කිරීමේ රහසිගත ක්‍රියාවලිය පෙන්නුම් කරනවා.
රටවල් 90කට වැඩි ගණනකින් කර්දිනාල්වරුන් 250කට අධික පිරිසක් සිටින නමුත් ඔවුන්ගෙන් 135කට පමණ වැඩිහිටි කර්දිනාල් ඡන්දදායකයින් (වයස අවුරුදු 80 ඉක්මවූවන් බැහැර කෙරෙනවා.
මෙම ඡන්දදායක කර්දිනාල්වරුන්ගෙන් 110කට ආසන්න පිරිසක් පසුගිය වසර 10 තුළ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් තෝරා පත් කර ඇති අතර, ඔවුන් බොහෝ දුරට ඔහුගේ වඩාත් ඇතුළත් සභාවක් පිළිබඳ දැක්ම පිළිබිඹු කරනවා.
කර්දිනාල්වරු රෝමයේ රැස්වූ පසු, සාමාන්‍යයෙන් පාප්වහන්සේගේ මරණයෙන් දින 15-20කට පසු, ඔවුන් මයිකල් ඇන්ජලෝගේ අපූරු සිතුවම් සහිත සිස්ටයින් දේවස්ථානයේ බිත්ති යටතේ රැස්වී සාකච්ඡා ආරම්භ කරනවා.
“එක්ස්ට්‍රා ඕම්නෙස්” යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව, එනම් “සියලු දෙනා පිටතට” යන අර්ථයෙන්, ඡන්දදායක කර්දිනාල්වරුන් සහ සුළු පිරිසක නිලධාරීන් හා වෛද්‍යවරුන් හැර අන් සියලු දෙනා ඉවත් කර, දොරවල් අගුළු දමනු ලබනවා.
කර්දිනාල්වරුන් පූර්ණ රහස්‍යභාවය පිළිබඳ දිවුරුමක් දෙන අතර, ඡන්දය පැවැත්වෙන කාලය තුළ ඔවුන්ට බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධතාවක් තබා ගැනීමට අවසර නැහැ.
ඔවුන්ගේ දුරකථන ඉවත් කරනු ලබන අතර, පුවත්පත්, රූපවාහිනිය, ලිපි හෝ පණිවිඩ භාවිතය තහනම් වනවා.
රහස්‍ය රැස්වීම (කොන්ක්ලේව්) ආරම්භයට පෙර සහ එය පැවැත්වෙන අතරතුර දේවස්ථානය රහසිගතව සෝදිසි කර බලන උපකරණ ඇත්නම් ඉවත් කරනු ලබනවා.
මේ අතර ස්වර්ගස්ථ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ඊයේ දිනයේත් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දේව මෙහෙයක් පැවැත්වුණු අතර ඊට ලක්ෂ 02කට අධික කතෝලික බැතිමතුන් පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණය කර තිබෙනවා.
උන් වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ විට දීන ‘ෆ්‍රැන්සිස්කස්’ නම් වචනය පමණක් එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උන්වහන්සේ ගෙල වටා බැඳී යකඩ ආලේපිත කුරුසයට සමාන කුරුසයක්ද එහි කිරිගරුඬ පුවරුවට ඉහලින් එල්ලා තිබෙනවා.