Latest News

ලොව දිගම පෙර සැකසූ උමග මෙන්න (VIDEO)

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩෙන්මාර්කය සහ ජර්මනිය අතර බෝල්ටික් මුහුද යටින් දිවෙන ඉදිවෙමින් පවතින උමග ලොව දිගම පෙර සැකසූ උමග බවට වාර්තා අතරට එක්ව තිබෙනවා.

මෙමගින් ස්කැන්ඩිනේවියාවේ රටවල් යුරෝපය සමග පවත්වන සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු වනවා.

කිලෝමීටර් 18 ක දිගින් යුතු ෆෙහ්මාර්න්බෙල්ට් උමග ලොව දිගම පෙර සැකසූ මාර්ග පද්ධතිය ද වනු ඇති.

එය දුම්රිය මගකින් ද සමන්විතයි.

ඉංජිනේරු විද්‍යාවේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වන මෙහි කොටස් මුහුදු පතුලේ තබා පසුව එකට එකතු කරනු ලබනවා.

ඩෙන්මාර්කයේ ගිනිකොන දෙසින් පිහිටි ලොලන්ඩ් දූපතේ වෙරළ තීරයේ සිට උමග ආරම්භ වනවා.

බොහෝ දිය යට උමං මාර්ග මුහුදු පතුලට යටින් ඇති පාෂාණ හාරා ඉදිකෙරුන ද මෙය ඒවායින් වෙනස් වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today