ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සහභාගී වන කාන්තා තුන්කොන් එක්දින තරගාවලියට 2025 අප්‍රේල් 27 වන දින ආරම්භ වනවා.
සියලුම තරග දිවා තරග ලෙස පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන බවටයි සදහන්වන්නේ.
තරගාවලිය අප්‍රේල් 27 වන ඉරිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර උද්යෝගිමත් ආරම්භක තරගයකින් ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ, රසිකයින්ට ThePapare 2 හි Dialog Television (Channel 63) හරහා, ThePapare.com හි online ද, ඔවුන්ගේ Facebook පිටුව හරහා හෝ Dialog ViU හරහා තරඟ නැරඹිය හැකි බවටයි වාර්තාවන්නේ.
ඉන්දියානු ප්‍රේක්ෂකයින්ට FanCode හි සියලුම ක්‍රියාදාමයන් නැරඹිය හැකි අතර එය රූපවාහිනියෙන් සහ ඩිජිටල්ව ලබා ගත හැකි බවට සදහන්.
ගෝලීය වශයෙන්, රසිකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාවෙන් ද සජීවීව නැරඹිය හැකියි.
