Latest News

අමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවලට චීන සයිබර් ප්‍රහාරයක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවලට චීන හැකර්කරුවන් අනවසරෙන් ඇතුලු වී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ මෙලෙස ඇතැම් ලියකියවිලි හා සේවා ස්ථාන වෙත හැකර්කරුවන් අනවසරයෙන් ඇතුලු වී ඇති බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ.

මේ පිළිබද විමර්ෂණ කිරීම සඳහා ඇමෙරිකා FBI හා සෙසු බුද්ධි ආයතන සමග කටයුතු කරමින් සිටින බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව නීති සම්පාදකයින් වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කරන්නේ තම සේවකයන්ට දුරස්ථ සේවා ලබාදෙන තුන්වන පාර්ශවයක සේවා සපයන්නෙකු හරහා චීන හැකර්කරුවන් තම පද්ධතිවලට ඇතුලු වී ඇති බවයි.

බියෝන්ඩ් ට්‍රස්ට් ලෙස එම සේවාව හැදින්වෙනවා.

මෙසේ ඇතුලු වී ඇත්තේ එක්වරක් පමණක් බවත් දිගින් දිගට එසේ සිදුව ඇති බව මෙතෙක් හෙළිව නොමැති බවත් වාර්තා වනවා.

World News