Latest News

ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝහි ශ්‍රී මහා බෝධි අංකුරය උරුම ලැයිස්තුවට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ පිහිටි බෝධි ධම්ම විහාරයේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුර වහන්සේ, විශේෂ ආගමික හා සංස්කෘතික වැදගත්කමක් සහිත වෘක්ෂයක් ලෙස ඔස්ට්‍රේලියානු උරුම ලැයිස්තුවට එක්කර තිබේ.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව උත්සවශ්‍රීයෙන් මෙම බෝධීන් වහන්සේ වසර දෙකකට පෙර එම විහාරයේ රෝපණය කර තිබූ අතර, එය බෞද්ධ භක්තිකයන්ට පමණක් නොව බහු සංස්කෘතික සමාජයක සංකේතයක් ලෙසද සැලකේ.
මෙම අවස්ථාවට බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරාධිපති, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේලා විශාල පිරිසක් සහභාගී වූහ.
ඊට අමතරව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන්, පාර්ලිමේන්තු කථානායක මාරී එඩ්වඩ්ස්, ඔස්ට්‍රේලියානු ජාතික උරුම කමිටුවේ සභාපතිනී කොලට් බ්‍රේනන් සහ බෙන්ඩිගෝ නගරාධිපති තෝමස් ප්‍රින්ස් යන මහත්වරුන් සහ මහත්මියන් ද මෙම උත්සවයට එක්වූහ.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් ඇතුළු විවිධ ජනවර්ග නියෝජනය කරමින් විශාල පිරිසක්ද සහභාගී වූ අතර, මෙම අවස්ථාව බහු සංස්කෘතික එකමුතුවක උද්යෝගිමත් උදාහරණයක් ලෙසද පෙනී ගියේය.
මෙයට සමගාමීව, බෝධි ධම්ම විහාරයේ යෝජිත ධර්ම ශාලාව හා සර්වඥ ධාතු මන්දිරය සඳහා මුල්ගල් තැබීමේ පිංකමද ඉතා ගෞරවයෙන් සිදු කෙරුණි.

World News

Send your contact Details Today