Latest News

ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය මත විතාරක්ෂක උපකරණ ඉවත් කළ ඉන්දීය තරුණයා මියයයි

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අවසරයකට අනුව ජීවිතාරක්ෂක උපකරණ ඉවත් කළ 31 හැවිරිදි ඉන්දීය තරුණයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හරිෂ් රානා නම් මෙම තරුණයා දිල්ලියේ පිහිටි රෝහලකදී පසුගිය අඟහරුවාදා මියගොස් ඇති අතර, ඉන්දියාවේ අධිකරණයක් විසින් මෙවැනි තීන්දුවක් ලබාදී ජීවිතාරක්ෂක උපකරණ ඉවත් කළ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.
2013 වසරේ සිව්වන මහලේ බැල්කනියකින් වැටීමෙන් මොළයට බරපතල තුවාල සිදුවීමෙන් පසු ඔහු දිගුකාලයක් කෝමා තත්ත්වයෙන් පසුවී ඇති අතර, අනතුර සිදුවන විට ඔහු ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හදාරමින් සිටියේය.
තමන්ට තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් ලබාගත යුතු ප්‍රතිකාර සම්බන්ධයෙන් නීත්‍යානුකූල “ජීවමාන අන්තිම කැමති පත්‍රයක්” ඔහු විසින් සකස් කර නොතිබූ බැවින්, ඔහුගේ දෙමව්පියන් ප්‍රතිකාර නතර කිරීමට අවසර ඉල්ලා අධිකරණයට යොමු වී තිබේ.
වෛද්‍ය මණ්ඩල දෙකක් විසින් සිදුකළ පරීක්ෂාවලදී ඔහුට නැවත සුවය ලැබීමේ අවස්ථාව ඉතා අවම බවත්, ජීවිතය පවත්වාගෙන යාම සඳහා පූර්ණ වශයෙන් බාහිර උපකරණ මත පදනම් විය යුතු බවත් තහවුරු කර ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරුන්ට සායනික තීරණයක් ගැනීමට අවසර ලබාදී ඇති අතර, පසුව ඔහු රෝහලේ පාලන ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම නඩුව ඉදිරියේදී ඉන්දියාවේ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය පූර්වාදර්ශයක් වනු ඇති බවද නීතිඥවරුන් පවසයි.

World News

Send your contact Details Today