Latest News

ඉරානයේ ආරක්ෂාව හා ස්වෛරීභාවය වෙනුවෙන් චීනය සහාය පළ කරයි

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


මැදපෙරදිග කලාපය පුරා යුද උණුසුම වැඩි වෙමින් පවතින පසුබිමක, ඉරානය තම ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සඳහා චීනයේ සහාය ලබාදෙන බව චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම අදහස් පළ වී ඇත්තේ චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර පැවති දුරකථන සාකච්ඡාවකදීය.
එහිදී චීනය සහ ඉරානය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා අගය කරන බව සඳහන් කළ වැන්ග් යී, ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය සෑම විටම සහාය ලබාදෙන බව අවධාරණය කර ඇත.
තවද, ඉරානයට අදාළ අයිතිවාසිකම් සහ අවශ්‍යතා රැකගැනීම සඳහා චීනය අඛණ්ඩව පෙනී සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ඒ අතරම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරමින් ඇති හමුදා මෙහෙයුම් වහාම නතර කළ යුතු බවද චීනය අවධාරණය කර ඇත. එමෙන්ම පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමත්, මුළු මැදපෙරදිග කලාපයම විශාල යුද්ධයකට ඇද වැටීමෙන් බේරා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බවත් චීනය පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today