Latest News

ගල්ෆ් කලාපයට අමෙරිකානු තර්ජන මැද්දේ, ඉරානයේ වරායක පිපිරීමක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි බන්ඩර් අබ්බාස් වරායේ පිපිරීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම වරායේ මහල් 8ක ගොඩනැගිල්ලක් තුළ සිදුව ඇති අතර, පුද්ගලයින් 4ක් මියගිය බවත් එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සඳහන්.

පිපිරීමෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපතිවරයෙකු ඉලක්ක කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි එරට පුවත් ඒජන්සියක් අවධාරණය කර සිටින්නේ.

ඇතැම් වාර්තා පැවසුවේ මෙය ගෑස් කාන්දු පිපිරීමක් බවයි.

ගල්ෆ් කලාපය තුළ අමරිකානු හමුදා රැඳවීම් ඉහළ නැංවීමට ප්‍රතිචාර දක්වමින්, ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි ප්‍රකාශ කළේ තම හමුදාවන් උපරිම ආරක්ෂක සූදානමකින් පසුවන බවයි.

World News

Send your contact Details Today