Latest News

අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර ඩොලර් බිලියන 6.5 කට වැඩි මිලිටරි ගනුදෙනුවක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවවිසින් ඊශ්‍රායලයට වෙන් වෙන් කොන්ත්‍රාත්තු තුනකින් ඩොලර් බිලියන 6.5 කට වඩා වැඩි විභව මිලිටරි අලෙවියක් අනුමත කර ඇති බව පෙන්ටගනය පැවසීය.

ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඩොලර් බිලියන 1.98 ක ඇස්තමේන්තුගත පිරිවැයකට ඒකාබද්ධ සැහැල්ලු උපායික වාහන සහ ඒ ආශ්‍රිත උපකරණ විකිණීමට සහ ඩොලර් බිලියන 3.8 කට AH-64E Apache හෙලිකොප්ටර් විකිණීමට අනුමත කළ බවයි පෙන්ටගනය සඳහන් කළේ.

එමෙන්ම තුන්වන හමුදා කොන්ත්‍රාත්තුවක් ද ඩොලර් මිලියන 740 කට ප්‍රදානය කරන ලදී.

පළමු විකිණීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු AM General LLC වන අතර එහිදී බෝයිං සහ ලොක්හීඩ් මාටින් අපාචේ හෙලිකොප්ටර් විකිණීමට සූදානම් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

World News

Send your contact Details Today