Latest News

මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් මෙළොව හැර යයි

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (28) පෙරවරු 8:45ට පමණ සිදුවූ ගුවන් අනතුරකින් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති අජිත් පවාර් ඇතුළු පුද්ගලයින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පිරිස ගමන් ගත් කුඩා ගුවන් යානය පූනේ දිස්ත්‍රික්කයේ බාරමතී ගුවන් තොටුපළට ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මුම්බායි සිට බාරමතී බලා පියාසර කළ ‘Learjet 45’ වර්ගයේ ගුවන් යානයක්.

මූලික වාර්තාවලට අනුව, ගුවන් යානය ගොඩබෑමට සූදානම් වීමේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාලනය කරගත නොහැකිව ධාවන පථයෙන් ඉවතට පැන ගිනිගෙන පුපුරා ගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පවාර් සමග ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් නියමුවන් ඇතුළු 6 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු නොවූ වාර්තා පළ වෙන බව සඳහන්.

World News

Send your contact Details Today